
ගම්පියසේ අනාගත දූ දරුවන්ගේ හෙට දවස පිළිබඳව මහත් වූ දැක්මකින් යුතු වූ සංවේදී මිනිසකු වූ සී.ඩබ්ලිව්. සහබන්දු මැතිතුමාගේ පරිත්‍යාගයක් වූ විදුහල් භූමියේ ඌරල කනිටු විදුහල ඉදි වූයේ එම උතුම් මිනිසාගේ මූලිකත්වයෙන්, ප්‍රදේශවාසී ජනතාවගේ කැපවීම හා උනන්දුව මත පදනම්ව ය. 1938 වර්ෂයේ ඌරල ගම්මානයේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ ද ඩී.ඩබ්ලිව්. සහබන්දු මහතාය.