
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ඨාසයට අයත් ගඟබඩපත්තුව උතුර ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාසයේ ඌරල ග්‍රාමයේ රමණීය කඳුවැටියකින් වටවූ නිල්වන් කෙත්යායක ප්‍රාණය ලබමින් මනරම් බිම් කඩක පිහිටි ගා/ඌරල කනිටු විදුහල ක්‍රිස්තු වර්ෂ 1938 දී ආරම්භ කර ඇත.
ගම්පියසේ අනාගත දූ දරුවන්ගේ හෙට දවස පිළිබඳව මහත් වූ දැක්මකින් යුතු වූ සංවේදී මිනිසකු වූ සී.ඩබ්ලිව්. සහබන්දු මැතිතුමාගේ පරිත්‍යාගයක් වූ විදුහල් භූමියේ ඌරල කනිටු විදුහල ඉදි වූයේ එම උතුම් මිනිසාගේ මූලිකත්වයෙන්, ප්‍රදේශවාසී ජනතාවගේ කැපවීම හා උනන්දුව මත පදනම්ව බව සටහන් කිරීම සාධාරණය.
අඩි 60*20 ප්‍රමාණය පොල් අතු සෙවිලි කර තවකාලික ගොඩනැගිල්ලක දරු දැරියන් විසිදෙනෙකුගෙන් සමන්විත සිය පළමු මෙහෙවර වූයේ ඌරල කනිටු විදුහල් මාතාව ආරම්භ කිරීමයි. ක්‍රිස්තු වර්ෂ 1937 සිට කළමනාකරන මණ්ඩලයක් යටතේ පාලනය වූ මෙම විදුහල 1937.10.10 දින සිට පරම විඥානාර්ථ බෞද්ධ සංගමය මගින් ඌරල බෞද්ධ මිශ්‍ර පාසල ලෙස මේ සත් මෙහෙවර පෙරට ගෙනයන ලදි. 1961.12.15 වැනිදා සිට රජයට පවරා ගත් මෙම පාසල ගා/ඌරල කනිටු විදුහල ලෙස නම් කොට අද දක්වා ප්‍රාදේශීය දරුවන්ගේ නැණ පහන් දල්වමින් රටට යහපත් පුරවැසියන් දායාද කරමින් නොනිමි මෙහෙවර තව තවත් සවිමත් කරන්නට මොවුන් පසුබට නොවීය.
සිසු දරුවන් විසිදෙනෙකුගෙන් ආරම්භ වූ ගා/ඌරල කනිටු විදුහල 2015 වර්ෂය අවසානය වන විට සිසුන් සංඛ්‍යාව 275ක් දක්වා වර්ධනය විය. වර්තමාන ගුරු සංඛ්‍යාව දෙස බැලූ විට ආරම්භයේ සිට අද දක්වා පාසල් ප්‍රගතියක් සිදුවී ඇත. විවිධ දක්ෂතා හා නිපුනතා සහිත පූර්ණ ගුරු මණ්ඩලයකින් යුක්ත වූ නිසා දරුවන්ව විවිධ අංශවලින් පෙරට ගෙනයමින් අධ්‍යාපන කටයුතු දියුණු කිරීමටද හැකියාව ලැබී ඇත.
1934 සිට කුඩා අයුරින් අද දක්වා පවත්වාගෙන ආ ගා/ඌරල කනිටු විදුහල ඉදිරියටත් මිට වඩා දියුණුව දරුවන්ගේ නැණ පහන් දල්වමින් රටට, ලෝකයට වැඩදායී පුරවැසියන් බිහි කිරීමට වර්තමාන විදුහල්පතිතුමිය ඇතුලු ගුරු මඩුල්ලද ඔවුන්ගේ උත්සාහයට සහය දෙනු ලබන සිසු දැරියන්ද නොමනා උත්සාහයක් දරනු ලබයි
|
ආරම්භ කළ වර්ෂය |
1934 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
20 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩී.ඩබ්ලිව්.සහබන්දු මැතිතුමා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ මුල් නම |
ඌරල බෞද්ධ මිශ්‍ර පාසල |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1961.12.15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |
{QF3=5}